Posted by Admin
On 11:55 PM
1.බර්මියුඩා ත්‍රිකෝණය►දූපත් තුනක් එකට යාකොට පිහිටා ඇති මෙම ප්‍රදේශය අභිරහස් ප්‍රදේශයක් ලෙස සැලකෙන්නේ එම ප්‍රදේශය තුලින් ගමන් කර ඇති සමහරක් නැව්, බෝට්ටු පමණක් නොව ගුවන් යානා පවා කිසිදු තොරතුරක් නොමැතිව අතුරුදහන් වීම නිසයි.විදුලි උපකරණ ක්‍රියාවිරහිත වීමේ ප්‍රවණාතාවක් මෙම ප්‍රදේශය තරණයේ දී දක්නට ලැබෙන අතර. ඇතුලත සිටින පිරිස් හට අවට ලෝකය සමග සන්නිවේදනයේ පවාගැටලු මතුවේ. දූපත් 7ක් මෙම ප්‍රදේශයේ පිහිටා ඇති අතර, ඉතා කුඩා දුපත් 150 පමණ දක්නට ලැබේ. මෙහි ඇති බර්මියුඩා දූපත විශාලම දූපත වනතර එය දැනට මහා බ්‍රිතානයේ යටත් විජිතයක් ලෙස පවතී.
2.මෝගුයේචෙන් / රාක්ෂ නගරය►
මෙම නගරය චීනයේ සින් යැන්ග් ප්‍රාන්තයේ පිහිටා ඇති අතර එයහි වර්තමාන ස්භාවය අනුව දැනට මෙය කාන්තාරකාරි ස්භාවයක් ගනි. මෙහි ඇති අපූරත්වය නම්. යම් කිසි කෙනෙකු මෙම නගරයේ බලකොටුව දෙසට සක්මන් කිරිමේදී මද සුළග හමන වෙලාවට එකී පුද්ගලයාට ඇතීන් ඉතා මිහිරි නාද ඇසීමට පුලුවන ඒවා ගිටාරයක තත් එකිනෙක පිරිමැදීමේදී නැගෙන කන් කලු නාදයට හෝ ගෙජ්ජි සෙලවීමේදී නැගෙන නාදයට ශබ්ද රසයෙන් සාමානවේ. නමුත් වා සුළි නැගෙන කාලයන්හි මෙහි එම ශබ්දය ඉතා ගුප්ත භයංකාර නද නිකුත් කරන අතර එම ශබ්ද කොටියෙකුගේ බිහිසුණු ශබ්දයටද, මරළතෝනී නගන ගැහැනියෙකුගේ හෝ ඌරෙකු ඝාතනයේදි නැගෙන ශබ්දයට සමානවේ. රාත්‍රි කාලයේදී හිරි ගඩු පිපෙන ආකාරයේ ශබ්ද නිකුත් කරන මෙම අඩවිය කවුරුන් විසින් ගොඩනගන ලැදැයි තවම අභිරහසකි.
3.උතුරු අප්‍රිකාවේ පිහිටා ඇති යෝධ පිරමීඩ►
මෙම යෝධ පිරිමීඩ උතුරු අප්‍රිකාවේ නයිල් ගංගාව ආශ්‍රිතව පිහිටා ඇති අතර ප්‍රධාන වශයෙන් පිරමීඩ 80 පමණ මෙකී ප්‍රදේශන්හි දක්නට ලැබේ.ඉතා බැරැති ගල් එකක් මත එකක් තබා සාදා ඇති මෙකී නිර්මාණයන් පාරාවෝ රජවරුන්ගේ කාලෙයේදි නිර්මාණය කළ ඇති බව සදහන්. මෙහි ඇති අපූරත්වය නම් මේකී ගල් පැහීමට එකදු ගම් වර්ගයක් හෝ බදාමයක් නොයොදා තිබීමයි. අවුරුදු 5000 කට වඩා ඈත අතීතයක් තිබෙන මෙම නිර්මාණයන්ට සොර සතුරු, විවිධ ආක්‍රමණ, ස්භාවික පිඩාගෙන් මිදී තවමත් වැලි කතරේ වීරයේකු ලෙස සිටීමට හැකි වීම තවමත් අභිරහසකි.
4.ඇන්ටාර්ටිකාවේ වියළි නිම්නය►
ඇන්ටාර්ටිකාව යනු ඉතා විශාල ප්‍රදේශයක් පුරා පැතිරි ඇති අඩු සත්ව ඝන්ත්වයක් සහිත තනිකරම මහද්වීපයකි. එහි ඇති අයිස් තට්ටුව 2kM පමණ සාමාන්‍යෙන් ඝනකම් වන අතර එය සමහර කාල වලට 4kM පමණ දක්වා විහිදී යැයි. ශ්‍රීලංකවේ සිට කෙලින්ම දකුණට ගියොත් හමුවන්නේ ඇන්ටාර්ටිකාවයි නමුත් ඒකී දුර යුරෝපේ සිට ඇමරිකාවට අත්ලාන්තික් සයුර හරහා තිබෙන විස්ථාපනයට වඩා විශාල වේ. මෙහි ඇති වියළි නිම්නය අයිස් වලින් තොර ප්‍රදේශයක් වනතර එය පුදුමයක් වන්නේ මුලු මහද්වීපයම අයිස්වලින් වැසී යද්දී දැවන්ත ප්‍රදේශයක් අයිස් වලින් තොරව පිහිටා තිබීම නිසයි.
5.මරණයේ ද්වාරය►
චීනයේ ටිබේට්,ෂින්හයි,ෂින්ශැන් මායිම්ව පිහාටා තිබෙන අති දැවැන්ත ලෙස දිවෙන කන්ලන් කදුකරයේ පිහිටා ඇති මෙම අඩවිය තහනම් අඩවියක් ලෙස චීන බලධාරිහු නම් කර ඇති අතර. ඒසේ වීමට හේතු වී ඇත්තේ ප්‍රදේශයේ පවතින දැඩි ගුප්ත බව හෝ වෙනයම් කරුණක් නිසාදැයි තවම පැහැදිලි නොමැත. කෙසේ නමුත් ඛනිජ සම්පත් සහ භූ විද්‍යා ගවේශන කණ්ඩායමකට ඇසී ඇති තොරතරකට අනුව 1983 වසරේදී මෙම ප්‍රදේශයේ අත්භූත ආකාරයකට මිනිසෙක් මැරී ඇති බවත්. ඔහුගේ සිරුරේ කිසිදු පැල්මක් නොතිබූ බවත්, වාර්තා වෙනවා. ඇට සැකිලි, තැන තැන විසිරි පවතින පුරාණ සොහොන් ගහන මෙම අඩවිය කිසි කෙනෙකු නොයන . ගියහොත් ආපසු නො එන මෙම අඩවිය ඉතා අනතුරු දායක ලෙස සැලකිය හැක
Posted by Admin
On 11:17 PM
දිස්ත‍්‍රික් හා ජාතික මට්ටමේ ශ්‍රේණිගත කිරීම් වල ඇතිවී ඇති පරස්පරතාවයක් හේතුවෙන් එම ශ්‍රේණිගත කිරීම් නිකුත් කිරීම තාවකාලිකව අත්හිටවූ බව විභාග දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියා සිටී. 2011 උසස් පෙල ප‍්‍රථිපල ඊයේ රාත‍්‍රියේ නිකුත් කලද එම ප‍්‍රථිපල දෝෂ සහිත බව පාර්ශ්ව ගණනාවක් විසින් චෝදනා එල්ල කලේය.
කෙසේ වුවද සමස්ත උසස් පෙළ ප්‍රතිඵල හෝ Z-score අගයෙහි කිසිදු වෙනසක් සිදුනොවන බව අධ්‍යාපන අමාත්‍යංශය කියා සිටී.මේ සම්බන්ධයෙන් අදහස් දක්වන උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසන්නේ ඊයේ රාත‍්‍රී නිකුත් කළ උසස්පෙළ ප‍්‍රතිඵලවල දිස්ත‍්‍රික්ක හා දිවයිනේ ස්ථාන අගයන් පරිගණක දෝෂ නිසා වැරදී ඇති බවත් එය සකසා නැවත ඉදිරිපත් කරන බවත් ය.
Posted by Admin
On 12:07 AM
Posted by Admin
On 12:40 AM
බෙල්ජියානු ජාතික හර්ජීගේ ටින්ටින් චිත‍්‍රකතා පොත් පමණක් නොව, ඒ ඇසුරින් පසුකාලීනව නිර්මාණය වූ ටින්ටින් කාටූන් පවා ලෝ පුරා අතිශයින් ජනපි‍්‍රයය. ටින්ටින්ගේ වික‍්‍රම වයස් භේදයකින් තොරව රස විඳීමට හැකිය. ටින්ටින් චිත‍්‍රකතා පොත් තුනක් පාදක කර ගනිමින් හොලිවුඞ් අධ්‍යක්ෂ ස්ටීවන් ස්පීල්බර්ග් සහ පීටර් ජැක්සන් එක්වී නිර්මාණය කළ ‘ද ඇඞ්වෙන්චර්ස් ඔෆ් ටින්ටින්: සීක‍්‍රට් ඔෆ් ද යුනිකෝන්’ නමැති අපූරු පරිගණක සජීවීකරණ චිත‍්‍රපටය ඊයේ (15) සිට කොල්ලූපිටිය ලිබර්ටි සිනමාහලේදී තිරගතවීම් ආරම්භ කෙරුණි. මෙය ඊ.ඒ.පී. මණ්ඩලයේ සාඩම්බර ඉදිරිපත් කිරීමකි.
හර්ජීගේ තෙලිතුඩින් නිර්මාණය වූ ටින්ටින්, හිතවත් බලූ සුරතලා ස්නෝවි, කැප්ටන් හැඩොක්, තොම්සන් නිවුන්නු ආදී චරිත රිදී තිරයට ගෙන එන්නේ සැබෑ රංගන ශිල්පීන්ගේ සිරුරුවලට සම්බන්ධ කළ සංවේදක මගින් එම චලනයන් පරිගණකයට ලබා ගැනීමේ ක‍්‍රමයකිනි. එම ක‍්‍රමය හැඳින්වෙන්නේ සී.ජී.අයි. හෙවත් ‘පරිගණකයෙන් නිර්මාණය කෙරෙන රූප’ යනුවෙනි. එහෙයින් ටින්ටින් චිත‍්‍රපටය, සාමාන්‍ය සජීවීකරණ චිත‍්‍රපටයක් මෙන් නොව සැබෑ නළුවන් රඟපාන චිත‍්‍රපටයක් ලෙස එය නරඹන්නන්ට සිතෙනු ඇතැයි ස්පීල්බර්ග් පවසයි.
පීටර් ජැක්සන් මෙම චිත‍්‍රපටයේ නිෂ්පාදකවරයා ලෙස සම්බන්ධ වන්නේ ස්ටීවන් ස්පීල්බර්ග් ටින්ටින්ට පණ දීමට අති නවීන පරිගණක තාක්ෂණය භාවිතා කිරීම හේතුවෙනි. ‘සීක‍්‍රට් ඔෆ් ද යුනිකෝන්’, ‘රෙඞ් රැකම්ස් ටේරෂර්’ සහ ‘ක‍්‍රෑබ් විත් ද ගෝල්ඩන් ක්ලෝව්ස්’ නමැති ටින්ටින් චිත‍්‍රකතා පොත් තුනේම එකතුවකින් මෙම අලූත් චිත‍්‍රපටය නිර්මාණය වී ඇත.
source : www.worldwish.info
Posted by Admin
On 1:31 AM
තාරකා විද්‍යාඥයෝ හිතනවා ,විශ්වයේ අනාගතය පිලිබඳ වෙන්න පුළුවන් චිත්‍ර දෙකක් තියෙනවා කියලා,එක්කෝ විශ්වය සදහටම ව්‍යාප්ත වෙවී ගිහින් චක්‍රාවාට එන්න එන්නම ඈත් වෙවී යනවා ,නැත් නම් විශ්වය ආපහු සංකෝචනය වෙනවා ,විශ්වය කොයි තරම් බර , විශාලද ,කියන එක අනුව තමයි සිද්ධ වෙන දේ තීරණය වෙන්නේ ,ඒක ගැන දැනගන්න තාරකා විද්‍යාඥයින්ට තවම පුළුවන් කමක් නැහැ.එත් විශ්වය හුඟක් බරනම් ,ඒක ආයෙත් සංකෝචනය වෙනවා නම් සමහරවිට මීට ඉස්සර හුඟක් වතාවක් එහෙම ව්‍යාප්ත වෙවී සංකෝචණය වෙවී යන්න ඇතිනේ.එත් මේ කරුණේදී අදහස් විවිධ යි. විශ්වයේ මේ ව්‍යාප්ත වීම ,මේ එකම වතාවක් සිද්ධ වෙන සිදුවීමක් වෙන්න පුළුවනි.එත් විශ්වය සදාකාලිකවම ව්‍යාප්ත වෙනවා නම් ඒක මුලින්ම පටන් ගත්තේ කවදාද කියන ඒක ඊට වඩා ගැඹුරු ප්‍රශ්ණයක්. ඔව් ඒවා පටන් ගත්තේ කොහෙන්ද .ඒ කියන්නේ ඔය හිටිහැටියේ පුපුරා ගිය ද්‍රව්‍ය . පෙර දිග තියෙනවා ඉතිහාසය පිලිබද 'චක්‍රීය' මතයක්.වෙනත් වචන වලින් කියනවානම් සදාකාලිකවම ඉතිහාසය නැවත නැවත එනවා.උදාහරණ හැටියට ඉන්දියාවේ පුරාණ මතයක් තියෙනවා ලෝකය නොකඩවාම දිගහැරෙනවා හැකිලෙනවා නැවත නැවතත්.මේ අදහස විශ්වය ව්‍යාප්ත වෙවී සංකෝචනය වෙවී නැවත ව්‍යාප්ත වීම යන සිදුවීම් සදාකාලික චක්‍රීය ක්‍රියාවලියක් හැටියට සිදුවෙනවා කියන මතයට ඉතා හොඳින් ගැලපෙන බව පේනවා.දැන් මගේ මනසේ චිත්‍රයක් තියෙනවා විශාල අන්තරීක්ෂ හෘදය වස්තුවක් ගැහෙනවා, ගැහෙනවා ගැහෙනවා වගේ. මා හාට හිතෙනවා එ මත දෙකම ඒක වගේම හිතාගන්න බැරි ඒක වගේම හිත ඇදගන්න මත දෙකක් . එ වගේම ඒවා සංසන්දනය වෙනවා සදාකාලික බව පිලිබද මහා විරුද්ධභාශය සමග. එක්කෝ විශ්වය හැමදාම තිබුනා ,නැති නම් ශුන්‍යත්වය තුලින් හිටිහැටියේ බිහිවුණා .
ආලෝක වර්ෂ කෝටි ගානක් දුරින් තියෙන චක්‍රවාට වල ආලෝකය රේඩියෝ ටෙලස්කෝප් වලින් ලබා ගත්තහම,ඒවායින් විශ්වය පෙන්නුම් කරන්නේ මහා පිපිරීමට කලින් ආදිතම අවස්ථාවේ විශ්වය තිබුණු විදියටයි.
අහසේ අපට පෙනෙන හැම දෙයක්ම අවුරුදු කෝටි ප්‍රකෝටි ගණනකට පෙර සිට ආව අන්තරීක්ෂ පාෂාණි භූතයක්. තාරකා විද්‍යාඥයෙකුට කරන්න පුළුවන් එකම දේ තමයි ,අතීතය ගැන අනාගත වාක්‍ය කීම .තරකාවලී වල තියෙන තාරකා වල ආලෝකය අපි වෙතට එන්න හුඟාක් කලින් ඒ තාරකා එකිනෙක වෙතින් ඈත් වෙලා.අවුරුදු දෙදාහකටත් ඉස්සර තාරකාවලී තිබුනේ ,ඒවා අපිට අද පෙන විධියට වඩා සෑහෙන්න වෙනස් විධියකටයි.
පැහැදිලි රාත්‍රී වලදී අපිට විශ්වයේ ඉතිහාසයේ ඈතට යන්න පුළුවන්.අවුරුදු කෝටි ප්‍රකෝටි ගණනක් යන කල් .ඉතින් එක විධියකට බලන කොට අපි ආපහු ගෙදර යනවා.අපි පටන් ගත්තේ මහා පිපිරීමෙන්.මොකද විශ්වයේ තියෙන ද්‍රව්‍ය සේරම ජීවී ඒකකයි.ආදීම කාලේ සේරම ද්‍රව්‍ය එක කුට්ටියක් ලෙස එකතු වෙලා තිබුනා.ඒක කොයි තරම් ඝනද කිව්වොත් අල්පෙනෙත්ති කුඩුම්බියක් තරම් තරම් එකක් ටොන් ප්‍රකෝටියක් විතර බරට තිබුනා.මේ 'ප්‍රාථමික පරමාණුව'ඉතාම විශාල ගුරුත්වයක් හේතුවෙන් පුපුරා ගියා.එතෙන්දි උනේ යමක් කඩ කඩ වී යාම වැනි දෙයක්
අහස දෙහා බලනකොට අපි උත්සාහ කරන්නේ අපේ මුල හෙවීමටයි.සේරම විශ්වයේ තියන සේරම තාරකායි චක්‍රාවාටයි හැදිලා තියෙන්නේ එකම ද්‍රව්‍යයෙන් .එකේ කොටස් එකතු වෙලා තියෙනවා ටිකක් අතන ,ටිකක් මෙතන , ඒක චක්රාවාටයකුයි ඊළඟ චක්රාවාටයි අතර ආලෝක වර්ෂ කෝටි ගානක් තියෙන්න පුළුවනි.එත් ඒ හැම එකකම තියෙන්නේ එකම ප්‍රභවය.සේරම තාරකායි, සේරම ග්‍රහලෝකයි අයිති එකම පවුලටයි.එත් මේ ලෞකික ද්‍රව්‍ය මොකක්ද ,අවුරුදු ප්‍රකෝටි ගානකට ඉස්සර පිපුරුවේ මොකක්ද, ඒක අපි හැමෝටම ඉතා ගැඹුරින් බලපාන ප්‍රශ්ණයක්.
මොකද අපි හැමෝමත් ඒ ද්‍රව්‍යයෙන්මයි හැදිලා තියෙන්නේ.අවුරුදු ප්‍රකෝටි ගණනකට කලින් හටගත් ඒ මහා විශාල ගින්නේ පුපුරක් තමයි අපි.
උපුටා ගැනීම: Deepak Liyanage විසින් පල කරන ලද http://www.facebook.com/groups/sciencelk/permalink/313374798687681 ලිපියෙනි.
Posted by Admin
On 1:14 PM

පෘථිවිය කියන්නේ ඉර වටේ කක්ෂයක යන ග්‍රහයින් ගනනාවගෙන් එකක්.එත් අප දන්නා එකම සජීවී ග්‍රහලෝකයත් පෘථිවිය යි.සමහරවිට මුළු විශ්වයේම එකම එක වෙන්නටත් පුළුවනි.එත් විශ්වය ජීවයෙන් උතුරා යනවා වෙන්නත් පුළුවනි.විශ්වය කෙනෙකුට හිතාගන්න බැරිතරම් විශාලයි.ඒ නිසා අපි ඒවා මනින්නේ ආලෝක මිනිත්තු වලින් ,ආලෝක වර්ෂ වලින් ආලෝක මිනිත්තුව කියන්නේ ආලෝකය මිනිත්තුවකට යනදුර. ආලෝකය තප්පරයකට කිලෝමීටර් ලක්ෂ 300,0000 ක් හෙවත් තත්පරයට සැතපුම් 186,000 ක් ,ආලෝකය ම්නිත්තුවකට කිලෝමීටර් ලක්ෂ එකසිය අසුවක්.ආලෝක වර්ෂය කියන්නේ කිලෝමීටර් කෝටි සියයටත් වැඩියි.ඉර තියෙන්නේ ආලෝක මිනිත්තු අටකට ටිකක් වැඩියෙන් දුරකි.අපේ මුහුණට වැටෙන හිරු රැස් දහර ,අපි ලඟට එන්න ඉස්සෙල්ලා මිනිත්තු අටක් විශ්වය හරහා ඇවිත් තියෙනවා.අපේ සෞර ග්‍රහ මණ්ඩලයේ ඈතින්ම තියෙන ග්‍රහයා වන ප්ලෝටෝ ඉන්නේ අපෙන් ආලෝක පැය පහක් විතර ඈත.තාරකා විද්‍යාඥ..යෙක් තම දුරේක්ෂයකින් ප්ලුටෝ දිහා බලනකොට ඇත්තටම නම් ඔහු බලන්නේ පැය පහක් පස්සටයි.අපට තව දුරටත් කියන්න පුළුවන් එම තාරකා විද්‍යාඥයා දකින්නේ එයා දකින්න පැය පහකට කලින් තිබුන ප්ලුටෝ.එහෙමත් නැත්නම් ප්ලුටෝගේ පින්තුර පොලවට එන්න පැය පහක් යනවා කියලා.එත් මේ ප්‍රතුවියේ ඉන්න අපි ඒ ගැන හැඩ හැහෙන්න පටන් ගත්ත විතරයි. අපේ සුර්යා අපි ක්ශීරපතය කියලා හඳුන්වන චක්රාවාටයේ තියෙන තවත් බිලියන 400 ක් අතරින් එකක්.ක්ශීරපතය කවපෙත්තක් වගේ.අපේ සුර්යා තියෙන්නේ එකේ සර්පිලාකාර ශාඛා අතරින් එකකයි.ක්ශීරපතයේ අපට ලගින්ම ඉන්න අසල්වැසි තාරකාවට තියෙන දුර ආලෝක වර්ෂ හතරක්.මේ මොහොතේදී ඒ තාරකාවේ ඉන්නවානම් තාරකා බලන්නෙක් හුඟක් බලවත් ටෙලෙස්කොප් එකක් අටවාගෙන
එයා ඔබව දකින්නේ මීට අවුරුදු හතරකට හිටපු විධියටයි.ඔබ අද අවුරුදු දහයක ගැහැණු ළමයෙක් නම් එයා දකීවි අවුරුදු හයක හුරතල් ගැහැණු ළමයෙක්.එත් ඒක අපට ලංගම තාරකාවයි.මේ සම්පුර්ණ චක්රාවාටය ,නැත්නම් මන්දාකිනිය ,ආලෝක වර්ෂ අනුදාහක් පළලයි.අපේ සුර්යාට වඩා ආලෝක වර්ෂ පනස්දාහක් ඈත තියෙන තරුවක් දිහා බලනකොට අපි කාලය අනුව අවුරුදු පනස්දාහක් ඈත අතීතය දිහායි බලන්නේ.ඒ අනුව අබ්යාවකාශය දිහා බැලීමේ එකම ක්‍රමය නම් කාලය අනුව ආපස්සට බැලීමයි.අද තියෙන විශ්වය මොකක්ද කියල අපට කවදාවත් දැනගන්න බැහැ.අපි දකින්නේ ඒ කාලේ තිබුණු විශ්වය විතරයි.ආලෝක වර්ෂ දහස් ගානක් ඈත තියන තාරකාවක් දිහා අපි බලනකොට අපි ඇත්තටම අවුරුදු දහස් ගානක් ආපසු අවකාශය පිලිබඳ ඉතිහාසයටයි යන්නේ.
අපි දකින හැම දෙයක්ම ඇහැට ගැටෙන්නේ ආලෝක තරඟයක් හැටියටයි.මේ ආලෝක තරංග අවකාශය හරහා එන්න කාලයක් ගත වෙනවා. අප ජීවත් වෙන චක්රාවායට වගේ විශ්වයේ තවත් චක්‍රාවාට කොටි ප්‍රකෝටි ගණනක් තියෙනවා කියල තාරකා විද්‍යාඥයෝ කියනවා.මේ හැම චක්රාවාටයකම තාරකා කොටි ප්‍රකෝටි ගණන් තියෙනවා.ක්ෂීර පථයට ලගින්ම තියෙන චක්‍රාවාටයට අපි කියනවා අන්ද්‍රෝමීඩා මන්දාකිනිය කියලා.ඒක තියෙන්නේ අපේ චක්රාවාටයට ආලෝක වර්ෂ විසිලක්ෂයක් ඈතින්.එකේ තේරුම ඒ මන්දාකිනියෙන් අපි වෙතට ආලෝකය එන්න අවුරුදු විසිලක්ෂයක් යන බවයි.මේ අනුව අපි අහසේ ඈත තියෙන අන්ද්‍රෝමීඩා මන්දාකිනිය දිහා බලන කොට අපි අවුරුදු ලක්ෂ විස්සක් අතීතය දෙසයි බලන්නේ.අන්ද්‍රෝමීඩා වේ දක්ෂ තරු බලන්නෙක් ඉන්නවා නම් එයා මේ ප්‍රතුවියට එයාගේ දුරේක්ෂය හරවාගෙන ඉන්නකොට එයාට අපිව බලන්න බැහැ.එයා වාසනාවන්තයෙක් නම් එයාට පෙනෙයි මුහුණ පැතලි ප්‍රතුවී වාසියෙක්ව.අද අපි දන්නා ඈත...ම චක්‍ර වාටය තියෙන්නේ ආලෝක වර්ෂ ප්‍රකෝටි සීයක් විතර ඈතින්.ඒ චක්‍රා වාටය වෙතින් අපිට සංඥා ලැබෙන කොට අපි විශ්වයේ ඉතිහාසයේ අවුරුදු ප්‍රකෝටි සීයක් දුරට යනවා.ඒක අපේ සෞර ග්‍රහ මණ්ඩලය ඉපදිලා තියෙන කාලය වගේ දෙගුණයක්.කාලය එතරම් ඈත බලනවා කියන එකේ තේරුම වටහා ගන්න අමාරු උනත් අපේ ලෝක චිත්‍රයට ඊටත් වඩා විශාල වැදගත් කමක් තියෙන දෙයක් තාරකා විද්‍යාඥයෝ හොයාගෙන තියෙනවා.කිසිම චක්රාවාටයක් ඒ තියෙන තැන තියෙන්නේ නැති බවයි ඒ.විශ්වයේ තියෙන සේරම චක්‍රාවාට ඉතා විශාල වේගයකින් එකිනෙකා වෙතින් ඈත වෙනවා.ඒවා අපෙන් ඈත්ව තියෙන තරමට ඒවා ඈත්වෙන වේගය වැඩියි.එකේ තේරුම චක්‍රාවාට අතැර ඇති දුර සැමවිටම වැඩිවෙන බවයි.බැලුමක් අරන් එකේ කළු තිත් තිබ්බොත් බැලුම පුම්බන කොට එතිත් එකින් ඒක ඈත වෙනවා.විශ්වයේ චක්‍රාවාට වලට සිද්දවෙන්නෙත් එකමයි.අපි එකට කියන්නේ විශ්වය පුළුල් වෙනවා කියලා.
මොකක් නිසාද විශ්වය පුළුල් වෙන්නේ.බොහෝ තාරකා විද්‍යාඥයෝ එකඟ වෙනවා ,පුළුල් වෙන විශ්වය පිළිබඳව ඇත්තේ එකම විග්‍රහයයි කියලා. එක කාලය කදී අවුරුදු ප්‍රකෝටි 1500 කට විතර ඉස්සර ,විශ්වයේ සියලුම ද්‍රව්ය සාපේක්ෂව කුඩා ප්‍රදේශ යක එක්වී තිබුන.ඒ ද්‍රව්‍ය කොයි තරම් ඝනද කියනවානම් ඒ වයේ ගුරුත්වය නිසා ඉතා තද උෂ්ණත්වයක් තිබුනා .අන්තිමේ දී එය කොයි තරම් උණුසුම් වෙලා ,කොයි තරම් තද බද උනාද කීවොත් එය පුපුරා ගියා. අපි මෙම පිපිරීම ට කියනවා මහා පිපිරීම කියලා. ඒ මහා පිපිරීම හේතුවෙන් විශ්වයේ සියලුම ද්‍රව්‍ය හැම පැත්ත කටම විසි වෙලා ගියා.ඒවා ක්‍රම යෙන් සිසිල් වෙන කොට හැදුණා තාරකා,චක්‍රාවාට ,හඳවල්,ග්‍රහලෝක....ඔව් විශ්වය තවම පුළුල් වෙනවා.එය තවම පුළුල් වෙන්නේ හරියටම මේ අවුරුදු බිලියන ගණනකට ඉස්සර සිද්ධ වුනු පිපිරීම හේතුවෙන්.විශ්වයට අකාලික වූ භූගෝල විද්‍යාවක් නැහැ.විශ්වය සිදුවන දෙයක් .විශ්වය පිපිරීමක්.චක්‍රාවාට එකිනෙකින් ඈත් වෙමින් ඉතාමත් විශාල වේගයකින් නොකඩවා විශ්වය හරහා ඈතට පියඹා යනවා. ඒවා සදහටම එහෙම යනවාද,ඒක එක භව්‍යතාවක් එත් තව එකක් තියෙනවා ,එය ග්‍රහලෝක සූර්යා වටේ ස්ථිර කක්ෂයක තියෙන්න හේතුවන බලවේග දෙකක් වන ගුරුත්වාකර්ෂණය සහ අවස්තතිය.චක්‍රාවාට වලටත් බලපාන්නේ එකමයි.මොකද විශ්වය නොකඩවාම පුළුල් උනත් ගුරුත්වාකර්ෂණය අනෙක් පැත්තට වැඩකරනවා.අවුරුදු ප්‍රකෝටි කීපයක් ගත වුනහම අර විශාල පිපිරීමෙන් හටගත් සියලුම බලවේග දුර්වල වෙනකොට කවදා හරි දවසක ගුරුත්වාකර්ෂණය සමහර විට අනෙක් පැත්තට වැඩ කරලා විශ්වයේ තියන සියලුම වස්තු ආයි සැරයක් එකට එකතු කරලා පැක් කරන්න පුළුවනි.එතකොට ඇති වෙන්නේ පිපිරීමට විරුද්ධ දෙය.සංකෝචනය වගේ දෙයක් .එත් ඒවා අතරදුර ප්‍රමාන කොච්චර විශාල ද කිවහොත් එක සිද්ධ වෙන්නේ ඉතා හෙමින් ක්‍රියා කරන චිත්‍රපටියක් වගේ .බැලුම කින් හුලන් අරින කොට වෙන දේට ඒක ටිකක් සමාන කරන්න පුළුවනි .සේරම චක්‍රාවාට ආපසු තද න්‍යෂ්ටියක් බවට පත් වෙන වාද එහෙම එකතු වෙලා .ඊට පස්සේ මොකද වෙන්නේ .ඊට පස්සේ ආයෙත් මහා පිපිරීමක් ඇති වෙනවා.විශ්වය ආයෙත් ව්‍යාප්ත වෙන්න පටන් ගන්නවා මොකද ක්‍රියාත්මක වෙන්නේ එකම ස්වාභාවික නීති.අයෙත් අලුත් තාරකා සහ චක්‍රාවාට හැදෙනවා.
Deepak Liyanage විසින්.
Posted by Admin
On 3:00 AM
◄► Apple Computers : Apple සමාගමේ නිර්මාතෘ වරයෙකු වන ස්ටීව් ජොබ්ස්ගේ(Steve Jobs) ප්‍රියතම පලතුර ඇපල් වේ. ඔවුන් ගේ අලුත් සමාගමට නමක් යෝජනා කිරීමට ඔහුට පැවරුනු අතර මාස 3ක් ගත වූ පසුවත් ගැලපෙන නමක් ඔහුට කල්පනා නොවූ නිසා අවසන් දින සවස 5ට පෙර ඔහුගේ සගයන් වෙනත් හොද නමක් යෝජනා නොකලහොත් සමාගම Apple Computers ලෙස නම් කිරීමට ඔහු තීරනය කලේය.◄► Yahoo! : ජෙරී යැන්ග්(Jerry Yang) සහ ඩේවිඩ් ෆිලෝ (David Filo)විසින් ආරම්භ කල සමාගම මුලින් හැදින්වූයේ David and Jerry's Guide to the World Wide Web නමිනි. පසුව එය Yahoo! නමින් නම් කලේ "Yet Another Hierarchical Officious Oracle" යන්න අර්ථවත් කිරීමටයි. එසේම Yahoo යන නම මුලින්ම හදුන්වා දුන්නේ ගලිවර්ගේ චාරිකා(Gulliver’s Travels) රචනා කල ජොනතන් ස්විෆ්ට්(Jonathan Swift) විසින් වන අතර එමගින් ඔහු අර්ථවත් කලේ පෙනුමෙන් සහ ක්‍රියාවෙන් රෞද්‍ර වන අමනුෂ්‍යයෙකි. ජෙරී යැන්ග් සහ ඩේවිඩ් ෆිලෝ තමන් දෙදෙනා යාහූවරුන් දෙදෙනෙකු ලෙස හදුන්වා ගැනීමට කැමති වූවාදැයි යන්නත් සැකයකි.◄►Hewlett Packard : Hewlett Packard සමාගමේ නිර්මාතෘවරුන් වන Bill Hewlett සහ Dave Packard නව සමාගමේ නම සදහා යොදා ගන්නේ Hewlett-Packardද Packard-Hewlettද යන්න තීරනය කලේ කාසියක් උඩ දැමීමෙනි.◄►Intel : Intel සමාගමේ නිර්මාතෘ වරුන් වන Bob Noyce සහ Gordon Moore මුලින් තීරණය කලේ ඔවුන් ගේ සමාගම Moore Noyce ලෙස නම් කිරීමටයි.නමුත් එම නම හා සමානවම ශබ්දවන නමක් සහිත ඉලෙක්ට්‍රොනික භාන්ඩ නිපදවන සමාගමක්(More Noise) ලියාපදිංචි වී තිබූ නිසා එය භාවිතා කිරීමට ඔවුන්ට ඉඩක් නොලැබුනි.අවසානයේ ඔවුන් Intel යන්න යොදා ගත්තේ INTegrated ELectronics යන්න සංකේතවත් කිරීමටයි.◄►Motorola : Motorola සමාගමේ නිර්මාතෘ පෝල් ගැල්වින්(Paul Galvin) ඔහුගේ සමාගම මෙනමින් නම් කලේ මෝටර් රථ සදහා රේඩියෝ නිපදවීම සදහා සමාගමක් ඔහු අලුතින් ඇරබූ විටයි.මෙය Motor සහ Ola යන වචන දෙකේ එකතුවක් වන අතර 'Motor'යන්නෙන් මෝටර් රථත් 'Ola'යන්නෙන් ශබ්දයත් නිරූපනය කෙරේ.◄►Adobe : Adobe සමාගමේ නිර්මාතෘ ජෝන් වෝනොක්ගේ(John Warnock) නිවස පිටුපසින් ගලන ඇඩෝබි ක්‍රීක්(Adobe Creek) ගංගාවේ නමින් ඔහු Adobe සමාගම නම් කලේය.◄►Java: ජාවා පරිඝණක ක්‍රමලේඛන භාශාව (Java Computer Programming Language)මුලින් හැදින්වූයේ ඕක් (Oak) නමිනි,ඒ ජාවා වැඩි දියුණු කල ජේම්ස් ගොස්ලින්ගේ(James Gosling) කාර්යාලය අසල තිබූ ඕක් ගස සංකේතවත් කිරීමටයි. පසුව එය Java නමින් නම් කලේ ජාවා ක්‍රමලේඛන භාශාව වැඩි දියුණු කල සමයේ ජේම්ස් ගොස්ලින් විසින් බෙහෙවින් පානය කල ජාවා කෝපි(Java Coffee) සංකේතවත් කිරීමටයි.◄►Mercedes:සමාගමට මුදල් යෙදූ තැනැත්තාගේ දියනියගේ නමයි.◄►CISCO:සැන් ෆ්‍රැන්සිස්කෝ(San FranCISCO) යන්නෙහි කෙටි නමයි.◄►Corel : Corelසමාගමේ නිර්මාතෘ ආචාර්ය මයිකල් කෝප්ලන්ඩ්ගේ(Dr. Michael Cowpland) නමින් බිදී ආවකි. නමින් නිරූපනය වන්නේ COwpland Research Laboratory යන්නයි.◄►Hotmail : Hotmail නිර්මාතෘ ජැක් ස්මිත්ට(Jack Smith) ලෝකයේ ඕනෑම තැනක ඇති ඕනෑම පරිඝණකයකින් E-Mailවෙත පිවිසීමේ අදහසක් සිතට නැගුනු අතර අනෙක් නිර්මාතෘ සබීර් භාතියා(Sabeer Bhatia) මෙය ව්‍යාපාර අදහසක් දක්වා වැඩි දියුණු කලේය.පසුව මේ සදහා සුදුසු නමක් සෙවීමට මොවුන් දෙදෙනා වෙහෙස වූ අතර Mail වලින් අවසන් වන බොහෝ නම් මේ සදහා සලකා බැලුනි.අවසානයේ මොවුන් නම ඒ සදහා Hotmail සුදුසු යැයි තීරනය කලේ html යන නමේ අඩංගු සියලුම අකුරු එහි අඩංගු වූ නිසාවෙනි.එමනිසා මුල් කාලෙයේ ඔවුන් භාවිතා කලේ HoTMaiLයන නමයි.◄►Google : මුලින්ම Google සමාගම හැදින්වූයේ Googol යන නමිනි. යන්නෙන් අදහස් කරන්නේ 1ත් සමග බින් දු 100ක් ඇති සංඛ්‍යාවයි. මෙමගින් ඔවුන්ගේ සෙවුම් යන්ත්‍රයට වරකට සෙවිය හැකි Information ප්‍රමානය පිලිබද හැගීමක් ලබා දෙයි. පසුව නිර්මාතෘවරුන් වන ස්ටැන්ෆර්ඩ් සරසවියේ(Stanford University) සිසුන් වූ සර්ජි බ්‍රින්(Sergey Brin) සහ ලැරී පේජ්(Larry Page) තම සෙවුම් යන්ත්‍රය ආයෝජකයෙකුට ප්‍රදර්ශනය කල විට ඔහුගේ ඉල්ලීම අනූව මෙය Google නමින් නම් කෙරුනි.◄►Coca Cola : Coca Cola සමාගමේ නම නිර්මාණය කලේ එහි අඩංගු කොකා කොල(Coca Leaves) සහ කෝලා ඇට (Kola Nuts) සංකේතවත් කිරීමටයි.◄►Compaq : Compaq සාමගමේ නමින් නිරූපනය වන්නේ COMPAtibility and Quality යන්නයි◄►Lotus(Notes) : Lotus(Notes) නිර්මාතෘ මිච් කපූර් (Mitch Kapoor) යෝග ගුරුවරයෙකු වූ අතර එහි නම ලෙස යොද ගත්තේ ප්‍රසිද්ධ යෝග අභ්‍යාසයක් වන පද්මාසනයේ (The Lotus Position) නමයි.◄►Microsoft : Microsoft සමාගමේ නිර්මාතෘ වරුන් වන බිල් ගේට්ස් (Bill Gates) සහ පෝල් ඇලන්(Paul Allen) Microsoft නම යොදා ගත්තේ MICROcomputer SOFTware යන්න සංකේතවත් කිරීමටයි. මුලින් Micro-Softලෙස භාවිතා කලත් පසුව එය Microsoft ලෙස නම් විය.◄►Sony : Sony සමාගමේ නම නිර්මාණය වුනේ ශබ්දය යන තේරුම දෙන 'Sonus' යන ලතින් වචනයත් දීප්තිමත් කොලු ගැටයා යන අරුතින් ඇමරිකානුවන් එදිනෙදා ව්‍යවහාරයේදී යොදා ගන්නා 'Sonny' යන වචනයේත් එකතුවෙනි.◄►SUN : SUN සමාගම නිර්මාණය කලේ ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ(Stanford University) මිතුරන් හතර දෙනෙකි.SUN යන්නෙන් අර්ථවත් වන්නේ Stanford University Network යන්නයි.◄►Samsung : Samsung සමාගමේ නිර්මාතෘ ලී බුන්ග් චල්ට(Lee Byung-chull) අනූව Samsung යන්න කොරියානු වචනයක් වන අතර එහි මුල් කොටසින් විශාල බව හැගවෙන අතර පසු කොටසින් සදාකාලික බව හැගවෙයි.◄►3M : Minnesota Mining and Manufacturing නැමති සමාගමේ මුල් නමේ ඇති අකුරින් ආරම් භ වන වචන 3 නිරූපනය කිරීමට පසුව එය 3M ලෙස නම් කෙරුනි.◄►Nokia : Nokia සමාගමේ නිර්මාතෘ වන්නේ පින්ලන්ත ජාතික ෆෙඩ්‍රික් ඩෙස්ටාම්ය( Fredrik Idestam). මුලින්ම මෙම සමාගම කඩදාසි කර්මාන්තයත සම්බන්ධ සමාගමක් විය. මෙම සමාගම මුලින්ම ආරම්භ වූයේ නිරිත දිග පින්ලන්තයේ නොකියා(Nokia) නගරයේ වූ අතර එම නිසා එම සමාගම අදටත් ලෙස හදුන්වයි.◄►Ericsson : Ericsson සමාගමට නම ලැබුනේ එහි නිර්මාතෘ වූ ලාර්ස් මැග්නස් එරික්සන්ගේ(Lars Magnus Ericsson) නමිනි.◄►Toyota : Toyota සමාගම මුලින් හැදින්වූයේ එහි නිර්මාතෘ වූ කිචිරෝ ටොයෝඩාගේ (Kiichiro Toyoda) පවුල් නාමය වූ ටොයෝඩා(Toyoda) යන නමිනි.නමුත් පසුව එහි නම ටොයෝටා ලෙස නම් කලේ ජපන් භාශාවෙන් ටොයෝටා නම ලිවීමේදී අවශ්‍ය වන්නේ ඉරි 8ක් පමනක් නිසාත්(ජපන් ජාතිකයන් ට 8 යන්න වාසනාවන්ත ඉලක්කමකි) ටොයෝටා යන්න කියවීම ටොයෝඩා යන්න කියවීමට වඩා පහසු වීමත් නිසාය. මේ තොරතුරු වැදගත් කියලා හිතනවා නම් [SHARE] කරන්න.